166
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අගමැති කාර්යාලයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (14) හමු වී සංදේශයක් භාර දුන්නාය.
ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාර දී තිබේ.