Sunday, April 20, 2025
Home » මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු යළිත් මහේල

මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු යළිත් මහේල

by sachintha
October 14, 2024 1:18 am 0 comment

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මුම්බායි ඉන්දියන්ස් හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන යළිත් පත් කිරීමට කටයුතු කර තිබේ.

මින් පෙර ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ මාර්ක් බවුචර් කටයුතු කළ අතර, ඔහු යටතේ මේ වසරේ පැවති අයිපීඑල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලට හිමි වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

ජයවර්ධන මින් පෙර 2017 වසරේ සිට 2022 වසර දක්වා මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, විස්සයි20 පිටියේ සාර්ථක පුහුණුකරුවකු ලෙස සැලකෙන ඔහු යටතේ මුම්බායි පිල 2017, 2019 සහ 2020 වසරේ අයිපීඑල් ශූරයන් බවට පත් විය.

මුම්බායි පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමෙන් පසු 2022 වසරේදී මහේල මුම්බායි කණ්ඩායම් සමූහයේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, එහිදී මුම්බායි ඉන්දියන්ස් හිමිකරුට අයත් කණ්ඩායම් 4 වන අයිපීඑල්හී මුම්බායි ඉන්දියන්ස්, එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන ILT20 තරගාවලිය් මුම්බායි ඉන්දියන් එමිරේට්ස්, දකුණු අප්‍රිකානු විස්සයි20 තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කේප්ටවුන් සහ අමෙරිකානු ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් කණ්ඩායම්හි අධීක්ෂණ කටයුතු සිදු කළේය.

මුම්බායි ඉන්දියන්ස් හිමිකරු වන ආකාෂ් අම්බානි පවසන්නේ මහේල යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීම ගැන සතුටට පත්වන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT