ඇරොබික් ජිම්නාස්ටික් 2024 වර්ෂයේ පැවැති තරගාවලියෙන් රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමඟින් ලකුණු 42ක් ලබා සමස්ත ලංකා ශූරතාව දිනා ගැනීමට මහර මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ පසුගියදා සමත් වූහ.
මෙහි සමස්ත ලංකා තරගාවලියේදී ලකුණු 24ක් ලබා ගනිමින් අනු ශූරතාවය දිනා ගැනීමට කොට්ටාව ධර්මපාල විද්‍යාලය සමත් විය. මහර මහමායා බාලිකා මහා විද්‍යාලයේ විදුල්පතිනිය වන ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශිනි මහත්මියගේ උපදෙස් මත එහි සහකාර විදුහල්පතිනිය වන අනුලා කුමාරිහාමි මහත්මිය ඇතුළු එහි ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මින්ගේ කැපවීම මත ශිෂ්‍යාවෝ එම තරගයට සහභාගිවී මෙසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
මහර සමූහ ගණිදු රෝචන සමරතුංග