Monday, April 21, 2025
Home » දිවංගත පීටර් කේනමන් 107 වන ජන්ම දිනයට පුෂ්පෝපහාර

දිවංගත පීටර් කේනමන් 107 වන ජන්ම දිනයට පුෂ්පෝපහාර

by sachintha
October 14, 2024 2:54 am 0 comment

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයත් 1970 සමඟි පෙරමුණු රජයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙසත් කටයුතු කරනු ලැබූ දිවංගත පීටර් කේනමන් මහතාගේ එකසිය හත්වන ජන්ම දිනයේදී කොළඹ මරදාන හන්දියේ පිහිටුවා තිබෙන ඒ මහතාගේ පිළිරුවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු නාගරික මන්ත්‍රී ධුර අපේක්ෂක එච්. ධර්මසේන මහතා පුෂ්පෝපහාර දැක්වීය.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරංසි හිමියෝ, එච්.එම්. මන්සිල්, එල්.ආර්. ස්ටීවන්, හිටපු ඇමැතිවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, ඩීව් ගුණසේකර, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇල්ෆ්‍රඩ් රාමනායක, පක්ෂයේ සහකාර ලේකම් එස්. සුදසිංහ, සිරි වෙත්තසිංහ, ජී.කේ. දිනදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. නීතිඥ ප්‍රේමදාස දිසානායක මහතා ස්තුති කතාව සිදු කළේය.

කොලොන්නාව සමූහ ඒ. සුමනසේන මැද කොළඹ සමූහ ඒ. ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT