Home » නැවතුමේ වහල ගැලවේ

නැවතුමේ වහල ගැලවේ

by sachintha
October 14, 2024 2:52 am 0 comment

පාණදුර, හොරණ ප්‍රධාන මාර්ගයේ ගැලනිගම හන්දියේ අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති බස් මගී ආවරණයේ වහල ගැලවී විනාශ වී ඇතැයි මගී ජනතාව පවසති.

මෙම තත්ත්වය මාස හයක පමණ කාලයක සිට පැවැති අතර ඒ පිළිබඳ කිසිවකුගේ අවධානය යොමුවී නැතැයි ඔවුන් පෙන්වා දෙති.

මේ නිසා අව්වට, වැස්සට එම ස්ථානයේ බස් රථයක් පැමිණෙන තුරු රැඳී සිටින ජනතාව ඉමහත් අපහසුතාවයට පත්ව ඇති බව අනාවරණ වී තිබේ.

මෙම බස් මගී ආවරණයට හැකි ඉක්මනින් වහලක් ලබා නුදුනහොත් ඉතිරිව ඇති සැකිල්ල ද වැස්සට තෙමීම නිසා කඩා වැටී විනාශ වී යා හැකි බව ඔවුන් පැහැදිලි කරති.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT