පියයුරු පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය වෙනුවෙන් පවත්වනු ලබන පා ගමනක් පසුගියදා (10) හොරණ නගර මධ්‍යයේ පැවැත්විණි.
හොරණ දිස්ත්‍රික් රෝහලේ බෝ නොවන රෝග ඒකකයේ මූලිකත්වයෙන් සිදුකළ මෙම පා ගමන සඳහා හොරණ රෝහල් කාර්යය මණ්ඩලය, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හොරණ නගර සභාව, හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදියෙහි නිලධාරී මහත්මීන් මෙන්ම හොරණ තක්‍ෂිලා, ශ්‍රීපාලි, රාජකීය යන විද්‍යාලයන් හී සිසුවියන් ඇතුළු පන්සියයකට වැඩි පිරිසක් එක්ව සිටියහ.
වත්මන් සමාජයේ කාන්තාවන් තුළ පැතිරී යන පියයුරු පිළිකාවන් පිළිබඳ කාන්තාවන් දැනුම්වත් කිරීමත්, පිළිකාවෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර පිළිබඳව දැනුම්වත් කිරීමත් අරමුණු කරගනිමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සහ අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම පාගමන සිදු කරන ලදි.
හොරණ දිස්ත්‍රික් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය හේමන්ත කුමාර, වෛද්‍ය ඉන්දික ධර්මරත්න, බෝ නොවන රෝග ඒකකයේ ප්‍රධාන වෛද්‍ය දිලානි රණසිංහ, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උමේෂ් ධනංජය මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් රැසක්ද මෙම පාගමනට එක්ව සිටියහ.
අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න