බේරුවල ප්රාදේශීය ලේකම් බලප්රදේශයට අයත් ග්රාම නිලධාරී වසම් රැසකට ඉකුත් දින කිහිපය තුළ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පහතරට බණ්ඩක්කා, රාබු, නිවිති, පිපිඤ්ඤා, වැටකුළු සහ පතෝල ආදී එළවළු වගා කර තිබූ වගාබිම් රැසක පලදාවට හානි සිදුව ඇති බව ගොවීහු පවසති.
පවත්නා දැඩි ආර්ථික අපහසුතා ද නොතකා තමාහට හුරු පුරුදු ලෙස එළවළු වගා කිරීම සිදුකර ජීවනෝපාය සරුකර ගැනීමට පුරුදුව සිටින නමුත් හදිසියේ අකලට ඇතිවන මෙම වර්ෂාවත් සමඟ තම වගාවන් විනාශ වී යන බව ඔවුහු වැඩිදුරටත් පැවසීය.
මෙම වගාවන් පහත් බිම් ආශ්රිතව පිහිටි ඇති බැවින් සහ වැසි ජලය බැසයාමේ ක්රමවත් වැඩපිළිවෙළක් නොමැති කමින් තමන් මෙම ගැටලුවලට මුහුණ දෙන බව ගොවි ජනතාව පෙන්වා දෙති.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා