විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ චිත්‍ර හා කලා කුසලතාවන් ඇතුළත් ප්‍රදර්ශනයක් හා එයට සමගාමීව ත්‍යාග ලෙස පාහවන් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වලාන මහානාම විද්‍යාලයීය විශේෂ අධ්‍යාපන ඒකකයේදී සිදු කෙරිණි.
ප්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත්, කළුතර කොට්ඨාස නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.කේ. අබේනායක, විදුහල්පති වී.පී.එන්. සමරසිංහ, චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය සිරිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය විවෘත කරන ලදි.
ආරාධිත පාසල් ගුරු භවතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූ අතර මෙම විශේෂ අධ්‍යාපන ඒකකයේ දරුවන් විසින් තූර්ය වාදන ප්‍රදර්ශනයක්ද පැමිණ සිටි පිරිස හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා