84
යාපනයේ වල්ලෙයි පාලම අසලදී යතුරුපැදියක් කුඩා ලොරියක ගැටීමෙන් යාපනයේ පෞද්ගලික සමාගමක කළමනාකරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලිසිය පවසයි.
කළමනාකාරවරයා රාජකාරිය නිමවා සිය යතුරුපැදියෙන් නිෙවස බලා යමින් සිටියදී යකඩ පටවන ලද කුඩා ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, උරුම්පිරායී ප්රදේශයේ පදිංචි තුරෙයිලිංගම් මයිල්වාගනම් නැමති වයස අවුරුදු 38 ක පුද්ගලයකු වන අතර ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු පිණිස යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ