Wednesday, April 23, 2025
Home » යකඩ පැටවූ ලොරියක් කළමනාකරුවකුගේ ජීවිතය බිලි ගනී

යකඩ පැටවූ ලොරියක් කළමනාකරුවකුගේ ජීවිතය බිලි ගනී

by sachintha
October 14, 2024 2:14 am 0 comment

යාපනයේ වල්ලෙයි පාලම අසලදී යතුරුපැදියක් කුඩා ලොරියක ගැටීමෙන් යාපනයේ පෞද්ගලික සමාගමක කළමනාකරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලිසිය පවසයි.

කළමනාකාරවරයා රාජකාරිය නිමවා සිය යතුරුපැදියෙන් නි‍ෙවස බලා යමින් සිටියදී යකඩ පටවන ලද කුඩා ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, උරුම්පිරායී ප්‍රදේශයේ පදිංචි තුරෙයිලිංගම් මයිල්වාගනම් නැමති වයස අවුරුදු 38 ක පුද්ගලයකු වන අතර ඔහුගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු පිණිස යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT