54
කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් කප්පල්අඩිය ධීවර තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදට වැටී මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කප්පල්අඩියේ පදිංචිව සිටි වර්ණකුලසූරිය නිමල් පෙරේරා නොහොත් මොහොමඩ් සාදික් නම් 50 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ධීවරයා තම ඥාති පුතකු සමඟ ධීවර රැකියාවට පිටත්ව ගොස් තිබුණු අතර පසුගිය 11 දින ආපසු පැමිණෙමින් සිටින අතර, ධීවර තොටුපොළ සමීපයේදීම චණ්ඩ රළ පහර හේතුවෙන් මුහුදට වැටී තිබීණි. පසුව 12 දින කන්දකුලිය, කජුවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට ඔහුගේ මළ සිරුර ගොඩගසා තිබිණි.
කල්පිටිය සමූහ කුමාරි පද්මලතා