ගම්පහ 68,672ක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13හි පවුල් 16,707ක පුද්ගලයන් 68,672දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කරයි.
මේ වනවිට අර්ධ නිවාස හානි 38ක් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් සංඛ්‍යාව 416කි. එම පවුල්වල සාමාජිකයන් 1376 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන 16ක රැකවරණය සලසා ඇති බව ද නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක, ගම්පහ අතිරේක, ජා ඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව සහ ගම්පහ අතිරේක
කුරුණෑගල පන්නල 905ක්
පන්නල හා කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයන් 905 දෙනෙකු අවතැන් වී ඇති කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතා පවසයි.
කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 6ක පවුල් 62ක් සහ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 8ක පවුල් 240ක් මෙලෙස අවතැන් වී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. – මාවතගම – ආනන්ද විජේතිලක
පුත්තලමේ 4656ක්
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ හයක පුද්ගලයන් 4656ක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පවසයි. මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ නාත්තණ්ඩිය, වෙන්නප්පුව, දංකොටුව, මුන්දලම, මහකුඹුක්කඩවල, හලාවත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 1122ක පුද්ගලයන් 4656ක් පිරිසකි. මින් වැඩිම හානියක් සිදුව ඇත්තේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට වන අතර එහි පවුල් 809ක පුද්ගලයන් 3550 පීඩාවට පත්ව ඇති බව කියයි. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පවුල් 188ක් මුන්දලම පවුල් 56ක්, හලාවත පවුල් 40ක්, මහකුඹුක්කඩවල පවුල් 15ක් දංකොටුව පවුල් 14ක් ලෙස පීඩාවට පත්ව ඇති බව ද වාර්තා වේ.
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ මාරවිල සමූහ මිහිර විජේසේකර
කඩුවෙල 5609ක්
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 19ක පවුල් 1538ක පුද්ගලයන් 5609 දෙනකු ආපදාවට ලක්වී ඇතැයි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා පවසයි. වෑක්කවත්ත, නවගමුව, ඉහළ බෝමිරිය, රනාල, පහළ බෝමිරිය A, පහළ බෝමිරිය B, වැළිහිඳ, කඩුවෙල, කොතලාවල, තුන් අඳහේන, හේවාගම, වැලිවිට, නවගමුව දකුණ, දැඩිගමුව, රග්ගහවත්ත, කොරතොට, මහදෙණිය, ඇඹිල්ලදෙණිය, වැලිපිල්ලෑව එම ග්‍රාම සේවා වසම් වේ. – නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක
කළුතර 3523ක්
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක පවුල් 992ක පුද්ගලයන් 3523 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ බේරුවල, කළුතර, දොඩංගොඩ, මතුගම, අගලවත්ත, හොරණ සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කිහිපයකි. – අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා
කැලණියේ 11,645ක්
කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ මේ වනවිට පවුල් 2534ක පුද්ගලයන් 11,645 දෙනකු අවතැන් වී ඇතැයි කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. ෙමලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇත්තේ කැලණිය, මෑවැල්ල, පෙතියාගොඩ, වනවාසල, මානෙල්ගම පෑලියගොඩ වැනි ප්‍රදේශවලය.
කැලණිය – කේ.එස්. හැන්නදි
පහළ හංවැල්ල ප්‍රදේශයේ 17 කණුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අයුරු. – පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ