Sunday, April 20, 2025
Home » පක්ෂ ලේකම්වරු සහ කොමිසම අතර සාකච්ඡාවක් හෙට

පක්ෂ ලේකම්වරු සහ කොමිසම අතර සාකච්ඡාවක් හෙට

by chanaka
October 14, 2024 11:18 am 0 comment

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.

හෙට පෙරවරු 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී පැවැත්වේ.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙයවේ.

ඒ අනුව හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතය.

ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT