කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට නුදුරින් පාලයූත්තු, පුම්පුහාර් ප්‍රදේශයේදී අද (14) අලුයම වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවී ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි .
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර අනතුරෙන් රියදුරු තුවාල නොලබා බේරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පුම්පුහාර් දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇති අතර ධාවනය වන දුම්රියේ මැදිරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත්තේ රියදුරගේ නොසැලකිල්ලෙන් බව පරීක්ෂණ පවත්වන ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය අනාවරණය කරගෙන තිබේ .
අනතුරෙන් දුම්රිය මැදිරියකට හානි සිදුවී ඇති අතර වෑන් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදු වී ඇතැයි පොලිසිය කියයි .
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය ගේට්ටුකරුද එම ස්ථානයේ නොසිටි අතර රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවී ඇති මෙම අනතුර සම්බන්ධයෙන් ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.