Home » රජය සිදුකරන දූෂණ විරෝධය විනිවිදභාවයෙන් යුක්තයි

රජය සිදුකරන දූෂණ විරෝධය විනිවිදභාවයෙන් යුක්තයි

-ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්

by sachintha
October 14, 2024 3:37 am 0 comment

ඉන්දියානු නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා හා ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මුණගැසුණු අයුරු

වර්තමාන රජය විසින් දූෂණ විරෝධී හා විනිවිද භාවයෙන් කරගෙන යනු ලබන පාලනය පිළිබඳ ඉන්දීය රජය ඉතා විශ්වාසයකින් සිටින බව ශ්‍රී ලංකා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා පැවසීය .

නැඟෙනහිර නව ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මුණගැසී නියෝජ්‍ය ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙම කරුණු අවධාරණය කළේය.

මෙම හමුවේදී නව ආණ්ඩුකාර ධුරයට පත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාට මුලින්ම සුබ පැතුම් එක් කළ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයා නැඟෙනහිර පළාතේ සංවර්ධනය සඳහා ඉන්දීය රජයේ උපරිම සහාය ලබාදීමට පොරොන්දු වන බව ද මෙහිදී පැවසීය. විශේෂයෙන් අධ්‍යාපන, ධීවර, කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළේය . නැඟෙනහිර පළාතේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය දක්වන සහය පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරයා සිය ස්තුතිය පළ කළේය.

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්.ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT