බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ පුද්ගලයකු මෝල්ගසකින් ගසා සිය බෑනා ඝාතනය කර ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා ඉකුත් (11) දා රාත්‍රියේ නිවෙසේදී සිය බෑනාගේ හිසට කුඩා මෝල් ගසකින් මෙන්ම කොහු මිටකින් ද පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ, දහමාන ප්‍රදේශයේ පදිංචිව සිටි මීගහවෙල ලේකම්ලාගේ විජේකුමාර නමැති 44 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකි. මරණකරු තිදරු පියකු බව ද පොලිසිය කියයි.
පහරදීම හේතුවෙන් හිස් කබලට සහ පාදවල අස්ථිවලට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිරය වහනය වී මෙම මරණය සිදුවී ඇති බව බළන්ගොඩ මූලික රෝහලේදී කළ මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
බළන්ගොඩ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්.බී. කේති සත්‍යයා මහත්මියගේ මූලිකත්වයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තා අනුව එය තහවුරු වී ඇතැයි ද පොලිසිය පවසයි.
මරණකරුගේ බිරියගේ මව (නැන්දම්මා) එම නිෙවසේ කාලයක සිට නතරව සිට ඇති අතර සිද්ධිය වූ දිනයේ දහවල් මරණකරුගේ මාමණ්ඩිය වන සැකකරු ද පැමිණ ඇති බවත්, එහිදී මරණකරු සිය බිරිය සමඟ ඇතිකරගත් බහින්බස් වීම දුරදිගගොස් ගැටුමක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සැකකාර මාමණ්ඩිය නිෙවසේ තිබූ කොහු මිටකින් සහ කුඩා මෝල් ගසකින් මරණකරුගේ හිසට සහ පාදවලට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව ද පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළන්ගොඩ මහේස්ත්‍රාත් දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙණෙවිය විසින් සිදුකරනු ලැබූ අතර රත්නපුර අපරාධ පරීක්ෂණ නිලධාරීහු (SOCO) පැමිණ ස්ථානීය පරික්ෂණ ද සිදු කළහ. පොලිසිය මරණකරුගේ බිරියගේ පියා වන 65 හැවිරිදි අය අත්අඩංගුවට ගෙන තිබිණි.
මරණකරු තම දියණිය සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකරගන්නා බවත් එය බලා සිටිමට නොහැකි බැවින් පහර දුන් බවත් අත්අඩංගුවට පත් සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. සැකකරු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බළන්ගොඩ සහකාර පොලිස් අධිකාරි උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩි මහාතාගේ මෙහෙයවීමෙන් බළන්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂක ආර්.ආර්.ජි.කේ. බණ්ඩාර, නුවන් දර්ශන ඒකනායක (83825) දිනේෂ් (97861) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
බළන්ගොඩ – සමිපත් ප්‍රියනන්දන සහ කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා