දිප්පිටිය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැත්වූ සංගීත සංදර්ශනයක් නැරැඹීමට යමින් සිටි බව කියන යුද හමුදාවේ විශ්‍රාමික පුද්ගලයකුට ගැවිලිපිටිය, වැලිකුඹුර ප්‍රදේශයේ රබර්වත්ත මාර්ගයේදී පහරදී පෙරේදා (12) රාත්‍රි ඝාතනය කර ඇතැයි අරණායක පොලිසිය සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ රබර්වත්ත, වැලිකුඹුර, ගැවිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තිස්මඬල, පල්ලේගෙදර සමන්ත චන්ද්‍රසේන නමැති 51 හැවිරිදි අයෙකි. මේ පුද්ගලයා දරුවන් තිදෙනකුගේ පියකු බවත් ඔහුගේ බිරිය මෙයට වසර දෙකකට ඉහතදී විදෙස්ගතවී පොලිසිය පැවසීය.
තරුණයන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය මැද්දේ ලේ ගලමින් මේ පුද්ගලයා වැටී සිටිනු දැක, අවට මිනිස්සු දැනුම්වත් කර ලේ ගලමින් වැටී සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබේ. ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලිසිය පැවසීය.මියගිය පුද්ගලයා වැටී සිටි ස්ථානයේ හැට් වර්ගයේ කළු පැහැති තොප්පියක්, වෙස් මුහුණක්, කුඩා යකඩ කූරක්, දින පොතක් වැනි යමක් ද තිබී ඇති බව පොලිසිය පැවසීය.
කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ නියෝග මත, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත මහත්වරුන්ගේ අධීක්ෂණය මත, අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දිසානායක, උප පොලිස් පරීක්ෂකවරුන් වන හරිචන්ද්‍ර මානවඩු, මලින්ද, පොලිස් සැරයන් වන (35754) මුණසිංහ, (50061) මේඝසූරිය, (39505) රාකරුණා, (47872) සමන්, පොලිස් කොස්තාපල් (74822) අමිල, කෑගල්ල කොට්ඨාසයේ අපරාධ ස්ථාන, පරීක්ෂණ ඒකකයේ පොලිස් පරීක්ෂකවරුන් වන මලන්දෙණිය, ජයසේකර, පොලිස් සැරයන්වරුන් වන (7393) අලහකෝන්, පොලිස් කොස්තාපල් රියැදුරු (3954) ගුණතිලක නිලධාරීහු විමර්ශන පවත්වති.
අරණායක සමූහ – රෝහණ ජයරත්න