බඩල්ගම ප්රදේශයේ පිහිටි කාබන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක බොයිලෝරුවක් අද (14) උදේ පුපුරායාමෙන් පුද්ගලයෙකු මියගොස් 18 දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.
මහා පරිමාණ කර්මාන්ත ජාලයකට අයත් මෙම කර්මාන්ත ශාලාව දිවා රාත්රී වැඩ මුර දෙකක් ක්රියාත්මක වන බවත් රාත්රී වැඩ මුරය අවසාන වන අවස්ථාවේ මෙම බොයිලේරුව පුපුරා ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත.
බොයිලේරුව පුපුරා යාමත් සමග පිළිස්සුම් තුවාල ලැබූ දහ අට දෙනා මීගමුව දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු එහිදී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි .
රාත්රී වැඩ මුරය අවසාන වන විට අධික තාපයට ලක්වීම හේතුවෙන් බොයිලේරුව පුපුරා යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි .
මීගමුව සහකාර පොලිස් අධිකාරි සෙනරත් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.