ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වංචාවලට සම්බන්ධ බවට සැකපිට තවත් චීන ජාතිකයන් තිස් එක් (31) දෙනෙකු ප්‍රදේශ දෙකකින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර – අනිවත්ත ප්‍රදේශයේ හෝටලයකදී චීන ජාතිකයින් 16 දෙනෙකු ඊයේ(13) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
චීන ජාතිකයින් 126 දෙනෙකු, වියට්නාම ජාතිකයින් 02 දෙනෙකු, තායි ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු පසුගිය සෙනසුරාදා(12) මහනුවර, නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
මේ අතර, වැලිකඩ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ මහල් නිවාසයක සිටියදී තවත් චීන ජාතිකයින් පහළොස් දෙනෙකු (15) ඉරිදා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරයි.