Home » කුඩු සමඟ අත්අඩංගුවට ගත් අයකු ළඟ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් තොගයක්

කුඩු සමඟ අත්අඩංගුවට ගත් අයකු ළඟ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් තොගයක්

by sachintha
October 14, 2024 2:53 am 0 comment

කළුතර දකුණ කිතුලාව ප්‍රදේශයේ දී පසුගියදා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 370ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී ජංගම දුරකතන පෙර ගෙවුම් කාඩ් පත් තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කළුතර අපරාධ විමර්ශන අංශය පවසයි.

එම සැකකරු සන්තකයේ තිබී පෙර ගෙවුම් කාඩ් පත් 1850ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් එක් ලක්ෂ අසූ පන්දාහක් බව පොලිසිය සඳහන් කළේය. කළුතර අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මිතුරකු පෙර ගෙවුම් කාඩ්පත් 2000ක් ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී එම පුද්ගලයා නාරාහේන්පිට පොලිසිය මඟින් එම ප්‍රදේශයේ නියෝජිත ආයතනයක් බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ බවට අනාවරණය වී යැයි පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර දකුණ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාරදී ඇත. කළුතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ආර්. වීරසේන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (11700) කුමාර, (4298) කුමාරසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන (24504) ඉහළගේ, (95627) උපුල්, (26974) කුමාර, (805073) ප්‍රනාන්දු යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT