Home » අදායම් වියදම් වාර්තා භාර නොදුන් ජනපති අපේක්ෂයින් තිදෙනා ගැන නිවේදනයක්

අදායම් වියදම් වාර්තා භාර නොදුන් ජනපති අපේක්ෂයින් තිදෙනා ගැන නිවේදනයක්

by chanaka
October 14, 2024 4:21 pm 0 comment

පැවැති 2024 ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් භාරදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති අතර ඉන් තිදෙනෙක් සිය ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවයි.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න , පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් යන ජනපති අපේක්ෂකයින් එලෙස ආදාළ වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

ජනපති අපේක්ෂකයින්ට අදාළ වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT