Home » 2025 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්
මහ ඡන්දය නිසා අය-වැය කල් යයි

2025 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුමක්

by sachintha
October 14, 2024 1:02 am 0 comment

මේ වසරේ නොවැම්බර් මාසයේ දී ලබන වසර (2025) සඳහා අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.

ඒ අනුව වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමකුත් ඉන් අනතුරුව ජාතික අය-වැය ලේඛනයකුත් ඉදිරිපත් කිරීමට නව රජය කටයුතු කරනු ඇත. නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් පසු බලයට පත්වන රජය, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ. ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු සකස් කළ යුතුව තිබේ. මෙම කරුණු ඉතා ඉක්මනින් සපුරාලීමට කාලයක් නොමැතිකම නිසා වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇත. වසර 2025 මුල් මාස හතරේ රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අය වැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදු කර ගනු ඇත. ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදු කිරීමට නියමිතය. එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන් කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අය වැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

මෙම වසර 2025 සඳහා වූ සම්පූර්ණ අය-වැය ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය ක්‍රියා කරනු ඇතැයි දේශපාලන සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT