Friday, April 18, 2025
Home » සහන සලස්වන්න යුද හමුදාව සීරුවෙන්

සහන සලස්වන්න යුද හමුදාව සීරුවෙන්

-ගිලෙන්න ගිය පාර්ලිමේන්තුවත් බේරා ගනී

by sachintha
October 14, 2024 3:34 am 0 comment

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමටත්, ආපදා කළමනාකරණ කටයුතුවල දී අදාළ වගකිවයුතු ආයතන වෙත පූර්ණ සහයෝගය ලබාදීමට ඕනෑම අවස්ථාවක දී සහභාගී වීම සඳහාත් භට පිරිස් සූදානම් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බළකායේ බළකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ වැලිකොට්ට අතුරා ගං වතුර අවධානමෙන් මුදාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කර ඇත.

ජල මට්ටම ඉහළ යාම නිසා කැඩී යාමේ අවදානමකට ලක්වූ පන්නල ජයවඩන වැවේ වැව් බැම්ම වැලි කොට්ට යොදා ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් යොමුකර තිබේ.

කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට සහ කැළණිමුල්ල කොහිලවත්ත ප්‍රදේශයේ තවත් ඇළ මාර්ගයකට වැලි කොට්ට අතුරා ගංවතුර අවදානම අවම කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් යොමුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT