Monday, April 21, 2025
Home » මහමැතිවරණයට අපේක්ෂකයින් 8352 ක්

මහමැතිවරණයට අපේක්ෂකයින් 8352 ක්

by chanaka
October 13, 2024 10:26 am 0 comment

මෙවර මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළ අතර එම සංඛ්‍යාව, 966 කි.

මැතිවරණයට කොළඹින් ඉදිරිපත්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව, 50කි.

ඉන්, කණ්ඩායම් 46 ක නාම යෝජනා පිළිගත් බව, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය.

ඒ අතරට පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 ක් ඇතුළත්වේ.

අඩුම අපේක්ෂකයින් පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින අතර එම සංඛ්‍යාව, 120 කි.

ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 2 ක් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT