Monday, April 21, 2025
Home » ජනපතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන්

ජනපතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීම අදින් අවසන්

by chanaka
October 13, 2024 10:18 am 0 comment

2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (13) අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 03.00න් පසුව එම කාලය අවසන් වනු ඇත.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අදාළ වියදම් වාර්තා ලබා දිය යුතු වේ.

කෙසේ වෙතත් පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 18 දෙනෙකු පමණක් බව සඳහන් කෙරේ.

ඒ අනුව සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.

එමෙන්ම අදාළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී මැතිවරණ කොමිසම පියවර ගනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT