Home » සෙලින්කෝ ලයිෆ් ක්‍රීඩා ශූර­තාව ‘AS’ට

සෙලින්කෝ ලයිෆ් ක්‍රීඩා ශූර­තාව ‘AS’ට

by damith
October 12, 2024 1:13 am 0 comment

සෙලින්කෝ ලයිෆ් සමා­ගමේ වාර්ෂික ක්‍රීඩා උලෙළ පසු­ගි­යදා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්විණි. එහිදී තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට ‘AS’ කණ්ඩා­යම සමත්වූ අතර, අනු­ශූ­ර­තාව ‘PK’ කණ්ඩා­ය­මට හිමි­විය.

සෙලින්කෝ ලයිෆ් සමා­ගමේ කාර්ය­ම­ණ්ඩල සමා­ජි­ක­යන් 1000කට අධික පිරි­සක් මේ තර­ගා­ව­ලි­යට එක් වූ අතර, එහිදී වසරේ හොඳම මලල ක්‍රීඩ­කයා ලෙස ‘NS/KS’ කණ්ඩා­යමේ ආර්.එම්. ෆර්සත් සහ හොඳම මලල ක්‍රීඩි­කාව ලෙස ‘PK’ කණ්ඩා­යමේ ජී.කේ.එස්. මධු­වන්ති සම්මාන දිනා ගත්හ.

මලල ක්‍රීඩා උලෙ­ළට පෙර ක්‍රිකට්, වොලි­බෝල් සහ නෙට්බෝල් කණ්ඩා­යම් ක්‍රීඩා පසු­ගිය අගෝ­ස්තු­වේදී පැවති අතර, එහිදී පිරිමි ක්‍රිකට් තර­ගා­ව­ලියේ ජය ‘AS’ කණ්ඩා­ය­ම­ටත් කාන්තා තර­ගා­ව­ලියේ ජය ‘PK’ කණ්ඩා­ය­ම­ටත් හිමි විය. වොලි­බෝල් තර­ගා­ව­ලියේ ජය ‘ST’ කණ්ඩා­යම හිමි­කර ගත් අතර, නෙට්බෝල් තර­ගා­ව­ලිය ‘PK’ කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කළේය.

සෙලින්කෝ ලයිෆ් කළ­ම­නා­කාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධා­යක නිල­ධාරි තුෂාර රණ­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT