විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව 13 වැනි තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩිකාවෝ සමත් වූහ.
මේ සමඟ තරග 3කින් 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද කොදෙව් පිලට හැකි විය.
සාජාහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8ක් දැවී ලකුණු 103ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොදෙව් පිල ඕවර 12.5කදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.
නායිකා හේලි මැතිව්ස් පන්දු 22කින් ලකුණු 34ක් ස්ටෙෆානි ටේලර් ලකුණු 27ක් රැස් කරමින් කොදෙව් පිල ජයග්රහණ කරා ගෙන ගියහ.
නායිකා නිගාර් සුල්තානා ලකුණු 39ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, පන්දු යැවීමේදී කරිෂ්මා රාම්හරක් කඩුලු 4ක් දවා ගත්තාය.