Home » දුෂාල් ඉඳු­ව­රට ජාත්‍ය­න්තර කරාතේ තර­ග­යට යන්න සහාය පතයි

දුෂාල් ඉඳු­ව­රට ජාත්‍ය­න්තර කරාතේ තර­ග­යට යන්න සහාය පතයි

by damith
October 12, 2024 1:15 am 0 comment

කොළඹ ආනන්ද විද්‍යා­ලයේ උසස් පෙළ වාණිජ්‍ය අංශ­යෙන් ඉගෙ­නුම ලබන ආර්.කේ.පි. දුෂාල් ඉඳු­වර කරු­ණා­රත්න මෙවර දකුණ අප්‍රි­කාවේ පැවැ­ත්වෙන පොදු රාජ්‍ය මාණ්ඩ­ල­යීය කරාතේ තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා තිබේ.

කෙසේ වෙතත් මේ තර­ගා­ව­ලි­යට යෑමට නිසි මුදල් අනු­ග්‍රා­හ­ක­යෙක් නොලැ­බුණු නිසා ඊට සභ­භා­ගි­වීම අවි­නි­ශ්චිත වී තිබේ.

මේ තර­ගා­ව­ලිය ලබන මාසයේ පැවැ­ත්වෙන අතර මොහුට රුපි­යල් මිලි­ය­න­යක් පමණ වැය­වෙන අතර, ඉන් අඩක් පමණ පාස­ලෙන් සොයා­දී­මට කට­යුතු කළත් අනෙ­කුත් විය­දම් සමග මවු­පි­යන්ට මොහු මේ තර­ගා­ව­ලි­යට යැවී­මටෙ නොහැකි තත්ත්ව­යක් උදාවී ඇත.

ජාතික මට්ටමේ කරාතේ තර­ගා­වලි රැස­කින් ජය­ග්‍ර­හණ හිමි කර ගෙන ඇති දුෂාල් කි.ග්‍රෑම් 67 බර පන්ති­යෙන් තරග කර­මින් ජාතික පසාල් තර­ගා­ව­ලි­යට ද ඉදි­රි­පත් වීමට නිය­මි­තය. කරාතේ ක්‍රීඩා­වට අම­ත­රව ඔරු­පැ­දීම සඳහා ද දස්කම් දක්වන ඔහු ඉන් පද­ක්කම් දිනා ගෙන තිබේ. මොහුගේ සොහො­යු­රිය වන අයු­ෂ්මන්ත්‍යා ඉරා­ජිණි කරු­ණා­රත්න ද කරාතේ ක්‍රීඩා­වෙන් දකුණු ආසි­යානු රන් පද­ක්කම දිනා ගැනී­මට සමත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT