කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් ඉගෙනුම ලබන ආර්.කේ.පි. දුෂාල් ඉඳුවර කරුණාරත්න මෙවර දකුණ අප්‍රිකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මාණ්ඩලයීය කරාතේ තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.
කෙසේ වෙතත් මේ තරගාවලියට යෑමට නිසි මුදල් අනුග්‍රාහකයෙක් නොලැබුණු නිසා ඊට සභභාගිවීම අවිනිශ්චිත වී තිබේ.
මේ තරගාවලිය ලබන මාසයේ පැවැත්වෙන අතර මොහුට රුපියල් මිලියනයක් පමණ වැයවෙන අතර, ඉන් අඩක් පමණ පාසලෙන් සොයාදීමට කටයුතු කළත් අනෙකුත් වියදම් සමග මවුපියන්ට මොහු මේ තරගාවලියට යැවීමටෙ නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
ජාතික මට්ටමේ කරාතේ තරගාවලි රැසකින් ජයග්‍රහණ හිමි කර ගෙන ඇති දුෂාල් කි.ග්‍රෑම් 67 බර පන්තියෙන් තරග කරමින් ජාතික පසාල් තරගාවලියට ද ඉදිරිපත් වීමට නියමිතය. කරාතේ ක්‍රීඩාවට අමතරව ඔරුපැදීම සඳහා ද දස්කම් දක්වන ඔහු ඉන් පදක්කම් දිනා ගෙන තිබේ. මොහුගේ සොහොයුරිය වන අයුෂ්මන්ත්‍යා ඉරාජිණි කරුණාරත්න ද කරාතේ ක්‍රීඩාවෙන් දකුණු ආසියානු රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබේ.