Home » නැඟෙ­න­හිර ආණ්ඩු­කා­ර­ව­රයා දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති හමු­ වෙයි

නැඟෙ­න­හිර ආණ්ඩු­කා­ර­ව­රයා දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති හමු­ වෙයි

by damith
October 12, 2024 1:14 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටී.එම්. ගුණා­නන්ද

නව රජයේ නැඟෙ­න­හිර ආණ්ඩු­කාර මහා­චාර්ය ජය­න්ත­ලාල් රත්න­සේ­කර මහතා පෙරේදා (10) ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි නැගෙ­න­හිර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී මුණ­ගැ­සුණු නැඟෙ­න­හිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සමඟ පළාතේ දෛනික ජන ජීවි­තය පිළි­බඳ අද­හස් හුව­මාරු කර­ගනු ලැබූහ.

සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජන වර්ග වාසය කරන නැඟෙ­න­හිර පළාතේ නීතිය හා සාමය පව­ත්වා­ගෙන යන ආකා­රය පිළි­බ­ඳව දෙපා­ර්ශ්ව­යම මෙහිදී අද­හස් හුව­මාරු කර ගත්හ. නව ආණ්ඩු­කා­ර­ව­ර­යකු සිය ධුර­යට පත්වන අව­ස්ථා­වක නැඟෙ­න­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා සාම්ප්‍ර­දා­යික හමු­වීම සිහි ගන්ව­මින් මෙම හමුව සිදුවූ අතර මෙම අව­ස්ථා­වට ත්‍රිකු­ණා­ම­ලය දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ධම්මික වීර­සේ­කර මහතා ද එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT