නව රජයේ නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පෙරේදා (10) ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේදී මුණගැසුණු නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සමඟ පළාතේ දෛනික ජන ජීවිතය පිළිබඳ අදහස් හුවමාරු කරගනු ලැබූහ.
සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජන වර්ග වාසය කරන නැඟෙනහිර පළාතේ නීතිය හා සාමය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ. නව ආණ්ඩුකාරවරයකු සිය ධුරයට පත්වන අවස්ථාවක නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාම්ප්‍රදායික හමුවීම සිහි ගන්වමින් මෙම හමුව සිදුවූ අතර මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර මහතා ද එක් විය.