ගංවතුර අස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැන්නීමට තැත්කළ හොර හරක් ලොරිය වැලිපැන්න පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (11) උදැසන 4.30 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටවීමට උත්සාහ කළ අනවසරයෙන් ගවයන් ප්රවාහනය කළ ලොරි රථයක් අධිවේගී මාර්ග පිවිසුමේ ගංවතුරේ ක්රියාවිරහිත වීම නිසා එම ලොරි රථයේ ප්රවාහනය කළ එළ ගවයන් සහ මී ගවයන් 07 ක් වැලිපැන්න පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම ගවයන් අතර මී ගවයන් දෙනක්, මී ගවයෙක්, එල ගවයන් 05ක් සමඟ ලොරි රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථය ගංවතුරේ ක්රියාවිරහිත වූ අවස්ථාවේ ලොරි රථයේ පැමිණි සැකකරුවන් පලාගොස් ඇත.
රාත්‍රී ජංගම සංචාරයේ යෙදුණු වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් (553) සිසිර, පොලිස් කොස්තාපල් (102416) කල්හාර, පොලිස් කොස්තාපල් රියැදුරු (89864) විජේසිංහ යන නිලධාරීන් විසින් ගවයන් සහිත ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.