කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද, වලකඩයාව ප්රදේශයේදී ඊයේ (11) උදෑසන 8.15 පමණ එකම දිශාවට ධාවනයේ යෙදුණු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටී මගීන් 18 දෙනකු පමණ තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල යන රෝහල් වෙත ඇතුළත් කර ඇතයි කෑගල්ල පොලිසිය පවසයි.
කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනයේ යෙදුණු බස් රථයේ පිටුපස ගැටී ඇත්තේ පානදුර සිට මහනුවර දෙසට ධාවනයේ යෙදුණු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බව ද පොලිසිය පවසයි. අනතුරින් මගීන් 16 දෙනකු මාවනැල්ල දිසා රෝහලටත්, දෙදෙනක් කෑගල්ල රෝහල වෙතටත් ඇතුළත් කර අති අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව ද පොලිසිය පවසයි. පානදුර දෙස සිට පැමිණි බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවත් පානදුර සිට ධාවනයේ යෙදුණු බස් රථයේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති.