Home » රෝහණ විහා­රයේ බුදු සිරිත සිතු­වම් කළ කිතු­නුවා ජෝශප් ඔග­ස්ටින් ප්‍රනාන්දු

රෝහණ විහා­රයේ බුදු සිරිත සිතු­වම් කළ කිතු­නුවා ජෝශප් ඔග­ස්ටින් ප්‍රනාන්දු

by damith
October 12, 2024 1:19 am 0 comment

කැල­ණිය - කේ.එස්. හැන්නදි

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ මීගමු පුර­ව­රයේ ඉපිද මීග­මුවේ ශාන්ත පීතර විදු­හ­ලින් අධ්‍යා­ප­නය ලැබූ ජෝශප් ඔග­ස්ටින් ප්‍රනාන්දු මහතා තෙලි­තු­ඩින් දක්ෂ leoo ජීව­මාන සිතු­වම් නිර්මා­ණය කිරීමේ සහජ කුස­ල­තා­වක් උප­තින්ම රැගෙන පැමිණි කලා­ක­රු­වෙකි.

පාසල් අධ්‍යා­ප­නය නිමා­වී­මෙන් අන­තු­රුව කලා ශිල්පි­යකු ලෙස ශ්‍රී ලංකා පිඟන් සංස්ථාවේ සේවය කළ ඒ මහතා මෙරට පාඨ­ක­යන් අතර චිත්‍ර­කතා පුව­ත්පත් අති­ශය ජන­ප්‍රිය වූ යුග­යක කැමි­ලස් ප්‍රකා­ශන ලෙස ජන­ප්‍රි­ය­ත්ව­යට පත්වූ සිත්තර, සත්සිරි, රසික, සම්පත, ප්‍රාර්ථනා වැනි ලංකාවේ චිත්‍ර කතා කලාවේ පෙර­ළි­යක් මෙන්ම පාඨ­ක­යන්ගේ මත­කයේ සදා රැඳි චිත්‍ර කතා පත්තර රාශි­ය­කට ජීව­මාන රූ රටා­වෙන් දාය­ක­ත්වය ලබාදී ඇත.

ඉන්ප­සුව විදෙස් රැකි­යා­වක් සඳහා මෙර­ටින් පිටව කටාර් රාජ්‍ය­යට ගිය ඔග­ස්ටින් ප්‍රනාන්දු මහතා කටාර් රාජ්‍යයේ රාජ­කීය පවුලේ සාමා­ජික ෂේක්ව­ර­යකු යටතේ එරට ඓති­හා­සික ලිපි හා ජායා­රූ­ප­ව­ලට යළි ජීවය දීමේ වග­කීම් සහිත රැකි­යා­වක නිර­තව සිට මීට වසර දෙක­කට පමණ පෙර මව්බි­මට පැමිණ ඇත.

ලෝකය ඩිජි­ටල් තාක්ෂණ පෙර­ළි­යට ලක්වෙ­මින් තිබි­යදී ඔග­ස්ටින් ප්‍රනාන්දු මහතා ද පෑනෙන් පැන්ස­ලෙන් පින්ස­ලෙන් මැවූ විස්කම් ඩිජි­ටල් තාක්ෂ­ණය උප­යෝගි කර­ග­නි­මින් සිදු­කි­රීමේ අභි­යෝ­ගය ජය ගෙන ඇත.

උප­තින් කතෝ­ලික බැති­ම­තකු වන ඔග­ස්ටින් ප්‍රනාන්දු මහ­තාගේ තෙලි­තු­ඩින් මෑත කාලයේ නිමවූ වටි­නාම නිම­වු­මක් ලෙස හැදි­න්විය හැකි අපූරු නිර්මා­ණ­යක් පෑලි­ය­ගොඩ රෝහණ විහා­රයේ අභි­න­ව­යෙන් ඉදි­කළ චෛත්‍ය­රා­ජ­යා­ණන් වහන්සේ තුළදී අපට දැක­ගත හැකිවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT