තමා ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය ගනු ලැබූ අධූරදර්ශී ක්‍රියාවට විරෝධය පළ කරමින් මෙවර මැතිවරණ සටනින් ඉවත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
මැතිවරණ සටනෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) දිනමිණට අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
පසුගිය 09 වැනි දා පෙරවරුවේ නාම යෝජනා අත්සන් කිරීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ තමා සංවිධායක ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතාට ගම්පහ ආසන සංවිධායක ධුරය ලබාදීමට සමගි ජන බලවේගයේ නායකත්වය කටයුතු කළා.
මම අවුරුදු 20ක් ගම්පහ ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. නගරාධිපතිවරයා වශයෙන් ආරම්භ කළ ගම්පහ ආසන සංවිධායක කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කාලයේත් ඉතා වගකීමෙන් සිදු කළා. මම නාමයෝජනා අත්සන් කරලා ආපු දවසේ හවස් වෙනකොට එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සංවිධායක ධුරය දැරූ පුද්ගලයාට ආසන සංවිධායක ධුරය දුන්නා. එතකොට වෙන්නේ මගේ ආසනයේ ජනතාව අතරමං වෙන එකයි. ඒ නිසා මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න මම තීරණය කළා.
නාමයෝජනා පත්‍රවලින් මාව ඉවත් කළේ නැහැ. ඒ වුණාට මම ඡන්දේ ඉල්ලන්නේ නැහැ. අවුරුදු විස්සක් මම බලා ගත්ත ආසනය භාර දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙ දුන්නේ නැති කෙනෙකුටයි. ඊයේ පෙරේදා වෙනකන් ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂය සංවිධානයක විදියට රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය සිදුකළ වරුණ දීප්ත රාජපක්ෂට සංවිධායකකම දුන්නා. අද වෙනකම් මගෙන් ඇහුවෙ නෑ. මාව දැනුම්වත් කළෙත් නැහැ. ගම්පහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළත් මෙම ගැටලුවට මැදිහත් වෙන්න එපා කියලා මම කිව්වා. සජිත් ප්‍රේමදාස මම අඳුරන්නැති පුද්ගලයෙක් නොවෙයි. මුලින්ම මට දැනුම් දෙන්න ඕනේ. මාත් එක්ක පාර්ලිමේන්තුවේ අවුරුදු දොළහක් හිටපු සජිත් ප්‍රේමදාසට තීරණ ගන්න කිසි කෙනෙක්ගෙ විරෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම ඡන්ද ඉල්ලන්නේ නැහැ කියන දැඩි තීරණයකට ආවා. සමග ජන බලවේගයේ නායකත්වය ගම්පහ ආසනයට කරන ලද අධූරදර්ශී ක්‍රියාව නිසා මෙවර මැතිවරණ සටනින් ඉවත් වීමට තීරණය කළ බවට දැන්වීමක් මම පළ කරනවා.