සර්වජන බලයේ එකමුතුවට මාතර දිස්ත්‍රික්කය තීරණාත්මක දිස්ත්‍රික්කයක් බවත් එහි ජයග්‍රහණය සඳහා කැපවෙන බවත් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසීය. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.
එම නිසා සිය පක්ෂයේ වැඩි බරක් මාතර දිස්ත්‍රික්කයට යොමු කර හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට කැපවෙන බව හෙතෙම කීවේය.
සර්වජන බලය එකමුතුවේ නායකත්වයට වගකීමක් තිබෙනවා. මොකද මාතර අපිට තීරණාත්මක දිස්ත්‍රික්කයක්. අපි ඔක්කොම බොහොම උනන්දුවෙන් ඉන්නවා. මාතරට ඇවිල්ලා මැතිවරණයේදී මාතර ජයග්‍රහණය කරවීම සඳහා කැපවෙනවා යැයිද ඒ මහතා කියා සිටියේය. ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරගවදින අතර එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතා ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූහ.
එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ප්‍රමුඛ සර්වජන බලය මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම නාමයෝජනා සඳහා අත්සන් තැබූහ.