Home » අපට මාතර තීර­ණා­ත්මක දිස්ත්‍රි­ක්ක­යක්

අපට මාතර තීර­ණා­ත්මක දිස්ත්‍රි­ක්ක­යක්

සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජය­වීර

by damith
October 12, 2024 1:04 am 0 comment

නුවන් කොඩි­කාර

සර්ව­ජන බලයේ එක­මු­තු­වට මාතර දිස්ත්‍රි­ක්කය තීර­ණා­ත්මක දිස්ත්‍රි­ක්ක­යක් බවත් එහි ජය­ග්‍ර­හ­ණය සඳහා කැප­වෙන බවත් එම පක්ෂයේ නායක දිලිත් ජය­වීර මහතා පැවැ­සීය. කොළඹ දිස්ත්‍රි­ක්කය ඇතුළු දිස්ත්‍රික්ක කිහි­ප­යක් සඳහා නාම­යෝ­ජනා භාර දීමෙන් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් ජය­වීර මහතා මේ බව සඳ­හන් කළේය.

එම නිසා සිය පක්ෂයේ වැඩි බරක් මාතර දිස්ත්‍රි­ක්ක­යට යොමු කර හිටපු මන්ත්‍රී වීර­සු­මන වීර­සිංහ මහතා ප්‍රමුඛ කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කර­වී­මට කැප­වෙන බව හෙතෙම කීවේය.

සර්ව­ජන බලය එක­මු­තුවේ නාය­ක­ත්ව­යට වග­කී­මක් තිබෙ­නවා. මොකද මාතර අපිට තීර­ණා­ත්මක දිස්ත්‍රි­ක්ක­යක්. අපි ඔක්කොම බොහොම උන­න්දු­වෙන් ඉන්නවා. මාත­රට ඇවිල්ලා මැති­ව­ර­ණ­යේදී මාතර ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳහා කැප­වෙ­නවා යැයිද ඒ මහතා කියා සිටි­යේය. ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යව­සා­යක දිලිත් ජය­වීර මහතා ගම්පහ දිස්ත්‍රි­ක්කය සඳහා තර­ග­ව­දින අතර එම පක්ෂයේ උප සභා­පති මහා­චාර්ය චන්න ජය­සු­මන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජය­ති­ලක මහතා ද ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් මහ­මැ­ති­ව­ර­ණ­යට තරග කිරීම සඳහා නාම­යෝ­ජනා පත්‍ර­යට අත්සන් තැබූහ.

එමෙන්ම හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වීර­සු­මන වීර­සිංහ ප්‍රමුඛ සර්ව­ජන බලය මාතර දිස්ත්‍රි­ක්කයේ අපේ­ක්ෂක කණ්ඩා­යම නාම­යෝ­ජනා සඳහා අත්සන් තැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT