332
චීන වරාය පොලිස් වසමට අයත් මිට්සුයි හන්දිය ආසන්න ප්රදේශයේදී මවක් සහ ඇගේ පුතා ඊයේ (11) පස්වරුවේ දුම්රියේ ගැටී මියගිය බව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ චීන වරාය, ධීවරගම පදිංචි රන්මඩු හේවගේ නිශාන්ති (47) යන මව හා ඇගේ පුතා වන ශෙහාන් ජයම්පති පෙරේරා (10) නැමැති අයයි.
පියා ගෙනවිත් දුන් ආහාර පාර්සලයක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දි මෙම අනතුරට මුහුණ පා තිබේ.
ගල්ඔය සිට ත්රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියට මෙම දෙදෙනා බිලිවී ඇතැයි පොලිසිය කියයි. සිදුවීම සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.