Sunday, April 20, 2025
Home » ගල්ඔය සිට ත්‍රිකු­ණා­ම­ල­යට ධාව­නය වූ දුම්රි­යට මව පුතු බිලි

ගල්ඔය සිට ත්‍රිකු­ණා­ම­ල­යට ධාව­නය වූ දුම්රි­යට මව පුතු බිලි

by damith
October 12, 2024 1:08 am 0 comment

චීන වරාය පොලිස් වස­මට අයත් මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේ­ශ­යේදී මවක් සහ ඇගේ පුතා ඊයේ (11) පස්ව­රුවේ දුම්රියේ ගැටී මිය­ගිය බව පොලි­සිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ චීන වරාය, ධීව­ර­ගම පදිංචි රන්මඩු හේවගේ නිශාන්ති (47) යන මව හා ඇගේ පුතා වන ශෙහාන් ජය­ම්පති පෙරේරා (10) නැමැති අයයි.

පියා ගෙන­විත් දුන් ආහාර පාර්ස­ල­යක් රැගෙන දුම්රිය මාර්ගය හරහා ගමන් කරද්දි මෙම අන­තු­රට මුහුණ පා තිබේ.

ගල්ඔය සිට ත්‍රිකු­ණා­ම­ලය බලා ධාව­නය වූ දුම්රි­යට මෙම දෙදෙනා බිලිවී ඇතැයි පොලි­සිය කියයි. සිදු­වීම සම්බ­න්ධ­යෙන් චීන වරාය පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT