Home » අභි­යෝග ආවත් මේ වසරේ පළමු කාර්තුවේ මූල්‍ය පද්ධ­තිය ස්ථාවර වුණා

අභි­යෝග ආවත් මේ වසරේ පළමු කාර්තුවේ මූල්‍ය පද්ධ­තිය ස්ථාවර වුණා

ශ්‍රී ලංකා මහ බැංකුව

by damith
October 12, 2024 1:14 am 0 comment

ජය­සිරි මුණ­සිංහ

ඉහළ ණය පොලී අනු­පාත පැව­තීම පහත හෙළී­මට කට­යුතු කිරී­මත්, පෞද්ග­ලික අංශය සඳහා ලබා­දෙන ණය පහ­සු­කම් වැඩි දියුණු කිරී­මත්, රාජ්‍ය අංශයේ ණය ලබා ගැනීම් දුර්වල කිරී­මත් ඇතුළු තවත් කරුණු ගණ­නා­වක් හේතු­වෙන් කොත­රම් අභි­යෝ­ගා­ත්මක වුවත් මේ වසරේ පළමු කාර්තුව තුළ මෙරට මූල්‍ය පද්ධ­තිය ස්ථාවර වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වසර 2023 අංක 16 දරන නව මහ බැංකු පනතේ 70 (1) වග­න්තිය අනුව සෑම වස­ර­කම මූල්‍ය පද්ධති ස්ථාව­ර­ත්වය පිළි­බ­ඳව වාර්තා­වක් ලබා දිය යුතුය. මහ බැංකුව නව බැංකු පන­තට අනුව ඊයේ (11) සිය පළමු ස්ථායිතා විව­ර­ණය ඉදි­රි­පත් කර­මින් මේ බව කියා සිටියි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධ­තියේ ස්ථායි­තා­වය ඇති කිරී­මේදී ඊට ඇති­වන අව­දා­නම් සහ දුර්ව­ලතා හඳුනා ගැනීම් මෙම වාර්තා­වෙන් එළි­දක්වා ඇත. එමෙන්ම මහ බැංකුව ඇතුළු අනෙ­කුත් නියා­මන ආය­තන ක්‍රියා­ත්මක කරන ප්‍රති­පත්ති ක්‍රියා­මාර්ග පිළි­බ­ඳ­වද මේ වසරේ ජූනි මස දක්වා දත්ත මෙහි දැක්වේ. අව­ශ්‍ය­යම අංශ සතුව පව­තින නව­තම දත්ත­යන් ද මෙම වාර්තා­වෙන් එළි­ද­ක්වන බව මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාවේ වෙළෙ­ඳ­පොළ පොලී අනු­පාත පහත හෙළී­මට මහ බැංකුව ගනු ලැබූ ක්‍රියා­මාර්ග හේතු­වෙන් මේ වන විට බැංකු හා මූල්‍ය අංශයේ ණය පොලී අනු­පාත පහත වැටී ඇත. තැන්පතු පොලී අනු­පාත ද ඉහළ නඟි­මින් පවතී. ණය පොලී අනු­පාත අඩු­වීම හේතු­වෙන් පෞද්ග­ලික අංශයේ ණය වැඩි­වී­මක් දක්නට ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT