Home » අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විලට

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව නියෝජ්‍ය පොලි­ස්පති පී. අම්පා­විලට

by damith
October 12, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර නියෝජ්‍ය පොලි­ස්පති ලෙස පී. අම්පා­විල මහ­තාව ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් පත් කර තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස පී. ම්පාවිල මහතා පත් කිරී­මට නිය­මිත බව මුලින්ම රටට කීවේ දින­මිණ පුව­ත්ප­තයි.

පොලිස් මූල­ස්ථා­න­යට අනු­යු­ක්තව මුදල් විශු­ද්ධි­ක­ර­ණය, පිර­මිඩ ජාවා­රම, අතත්‍ය මුදල් පිළි­බඳ විම­ර්ශන භාරව සිටියේ පී. අම්පා­විල මහ­තාය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ දීර්ඝ කාල­යක් සේවය කළ දක්ෂ විම­ර්ශ­ක­යකු වන පී. අම්පා­විල මහතා එම දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ධුරය දැරී­මට පවා සුදු­සු­කම් ලබා තිබි­යදී එම අව­ස්ථාව ඔහුට අහිමි විය. නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යකු ලෙස උසස් වීමෙන් පසු­වද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඔහුට හිමි තැනක් වුවත් ඔහු දේශ­පා­ලන වන්ද­නාවේ නොගිය නිල­ධා­රි­යකු වූ බැවින් එම අව­ස්ථා­වද ඔහුට අහිමි කර තිබිණි. පොලිස් සේව­යෙන් විශ්‍රාම ගැනී­මට වැඩි කාල­යක් නැති වුවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස අම්පා­විල මහතා පත් කර ඇත්තේ පසු­ගිය කාලයේ අවි­ධි­මත් ආකා­ර­යට ක්‍රියා­ත්මක වූ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඇතැම් කට­යුතු නැව­තත් විධි­මත් කිරීමේ අපේ­ක්ෂා­වෙන් බව පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු සඳ­හන් කළේය.

මෙතෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පොලි­ස්පති ලෙස කට­යුතු කළ රොහාන් ප්‍රේම­රත්න මහතා බස්නා­හිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලි­ස්පති ලෙස පත් කර ඇත. මෙතෙක් එම දිසාවේ නියෝජ්‍ය පොලි­ස්පති ලෙස කට­යුතු කළ කපිල කඩු­පි­ටිය මහතා වයස අවු­රුදු හැට පිරී­මෙන් පොලිස් සේව­යෙන් විශ්‍රාම ගෙන තිබේ. ගාල්ල නියෝජ්‍ය පොලි­ස්පති ලෙස මෙතෙක් සේවය කළ ඩී.පී. චන්ද්‍ර­සිරි මහතා පොලිස් ප්‍රව­ර්තන දිශාව වෙත මාරු කර ඇති අතර, ප්‍රජා පොලිස් හා පරි­සර ආර­ක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලි­ස්පති ඊ.එම්.පී.ජේ. සේරම් මහතා ගාල්ල නියෝජ්‍ය පොලි­ස්පති ලෙස පත් කර තිබේ. සේරම් මහ­තා­ගෙන් හිස් වූ ප්‍රජා පොලිස් හා පරි­සර ආර­ක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට පොලිස් මූල­ස්ථා­නයේ සේවයේ නිර­තව සිටි නියෝජ්‍ය පොලි­ස්ප­තිනි බිම්සානි ජාසිං­හ­ආ­රච්චි මහ­ත්මිය පත් කර ඇත. මෙම පත් කිරීම් ජාතික පොලිස් කොමි­ෂන් සභාව පෙරේදා රැස්වී ගන්නා ලද තීර­ණ­ය­කට අනුව ක්‍රියා­ත්මක වන අතර, එය මැති­ව­රණ කොමි­සමේ අනු­මැ­ති­යට යටත්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT