Sunday, April 20, 2025
Home » සසුන් කෙත පහන් කළ අම්බ­ල­න්ගොඩ සුධර්ම මහ­නා­හි­මියෝ

සසුන් කෙත පහන් කළ අම්බ­ල­න්ගොඩ සුධර්ම මහ­නා­හි­මියෝ

by damith
October 12, 2024 1:03 am 0 comment

අම­ර­පුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ අභි­නව මහනා­යක ධුර­යට පත් අති­පූජ්‍ය අම්බ­ල­න්ගොඩ සුධර්ම නාහි­මි­පා­ණන් වෙත තත් ධුරයේ අක්ත­පත්‍ර පිළි­ගැ­න්වීම හෙට (13) සිදු වේ.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ගම්පොළ, සිංහ­පි­ටිය, අම්බු­ළු­ගල පදිං­චිව සිටි අම්බ­ල­න්ගොඩ ජන්ම­ලාභී සම්භා­ව­නීය පවුල් පර­ම්ප­රා­ව­කින් පැව­තෙන හික්ක­ඩුව ලිය­න­ආ­ර­ච්චි­ල­ලාගේ හෙන්ඩ්‍රි පියාට දාව පහළ ගනේ­ගෙ­දර රාල­හා­මිගේ ටිකිරි මැණිකේ මාතා­වගේ කුසි­නු­පන් අප නාහිමි ගම්පොළ දොළො­ස්බාගේ කනිටු විදු­හ­ලින් මූලික අධ්‍යා­ප­නය ලැබීය. 1963 ජූනි 22 දින සද්ධ­ර්ම­යු­ක්තික මාතර මහා නිකායේ එව­කට මහා­නා­යක අති­පූජ්‍ය මාව­ඩ­විල පඤ්ඤා­රංසි හිමිගේ සහ අම්බ­ල­න්ගොඩ සුම­න­සාර මාහි­මි­යන්ගේ ගුරු දේව­ත්ව­යෙන් අම්බ­ල­න්ගොඩ සුධර්ම හිමි නමින් පැවිදි දිවි­යට ඇතු­ළත් විය. අම්බ­ල­න්ගොඩ හිරේ­වත්ත සිරි විජ­යා­රා­මය කේන්ද්‍ර කර­ගෙන ගුරු දේව­යන් වහ­න්සේ­ගෙන් මූලික පැවිදි අධ්‍යා­ප­නය ලැබී­මට අපේ මහ නාහි­මියෝ වාස­නා­වන්ත වූහ. වර්ෂ 1971දී රැකව පෙර­ම්ක­ල්එ­ළිය උද­කු­ක්ඛේප උප­ස­ම්පදා සීමා­මා­ල­ක­යේදී උප­ස­ම්ප­දාව ලද සුධර්ම හිමි­යන් එතැන් සිට සිය ශාස­නික මෙහෙ­ව­රහි නිරත විය.

මීටි­යා­ගොඩ ශ්‍රී පුෂ්පා­රාම පිරි­වෙන ඇසු­රෙන් 1968 ප්‍රාචීන ප්‍රාර­ම්භක විභා­ග­යත්, කොළඹ මාලි­ගා­කන්ද විද්‍යෝ­දය පිරි­වෙන ඇසු­රෙන් ප්‍රාචීන මධ්‍යම විභා­ග­යත්, 1973දී විද්‍යෝ­දය වින­යා­චාර්ය විභා­ග­යත්, 1974දීවි­ද්‍යෝ­දය අව­සාන සහ­ති­ක­පත් විභා­ග­යත්, සාර්ථ­කව නිම කළ මහ­නා­හි­මියෝ පිරි­වෙන් අධ්‍යා­ප­නය තුළ විෂ­යා­නු­බද්ධ දැනුම් සම්භා­ර­යක් අත් කර­ගැ­නී­මට සමත් වූහ. 1975දී මර­දාන ශ්‍රී ලංකා විද්‍යා­ල­යට ඇතු­ළත්ව රාජ­කීය පණ්ඩිත විභා­ග­යත්, 1980දී කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ගෞරව ශාස්ත්‍ර­වේදී උපා­ධි­යත්, 1983දී කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ශාස්ත්‍ර­පති උපා­ධි­යත් දිනා­ග­නි­මින් අප මාහි­මියෝ උසස් අධ්‍යා­ප­නය සාර්ථ­කව නිම කළහ. එතැන් සිට තමන් වහන්සේ ලත් දැනුම් සම්භා­රය මෙරට අනා­ගත භික්ෂු පර­පුර හා දරු දැරි­යන් වෙත බෙදා­දීම ආරම්භ කළ සුධර්ම මහ­නා­හි­මියෝ හුනු­පි­ටිය ගංගා­රා­මය, මර­දාන ශ්‍රී ලංකා විද්‍යා­ලය, වැල්ල­වාය බුදු­රු­ව­ගල විද්‍යා­ලය, මීටි­යා­ගොඩ පුෂ්පා­රාම පිරි­වෙන මඟින් සිය අධ්‍යා­ප­නික මෙහෙ­වර ජාති­යට තිළිණ කළහ. කලක් බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස උසස් අධ්‍යා­පන ක්ෂේත්‍ර­ය­ටද සිය දැනුම් සම්භා­රය එකතු කළ උන් වහන්සේ අම්බ­ල­න්ගොඩ සද්ධ­ර්මා­ලං­කාර පිරි­වෙන ආරම්භ කර­මින් එහි ප්‍රථම පරි­වේ­ණා­ධි­පති හිමි ලෙස උගත් ශිෂ්‍ය ප්‍රජා­වක් දායාද කළහ.

පැවිදි පඬි­රු­ව­නක ලෙස සිය ශාස­නික සේවාව සමා­ජ­ගත කළ අප මහ­නා­හි­මියෝ 1975 ශ්‍රී සිල­ක්ඛන්ධ දහම් පාසල ආරම්භ කර, එහි ප්‍රධා­නා­චාර්ය හිමි ලෙස ප්‍රදේ­ශයේ දරු දැරි­යන් වෙත දහම් අධ්‍යා­ප­නය දීමට මුල්ව වූහ. අම්බ­ල­න්ගොඩ ශාස­නා­ර­ක්ෂක බල මණ්ඩ­ලයේ වසර 15ක් ලේඛ­කා­ධි­කාරි තන­තු­රත්, අම්බ­ල­න්ගොඩ විහා­රා­ධි­පති සංග­මයේ ලේකම් ධුර­යත් දර­මින් උන් වහන්සේ ඉටු කළ ශාස­නික මෙහෙ­වර ප්‍රශං­ස­නී­යය. අම්බ­ල­න්ගොඩ සිරි විජ­යා­රාම විහා­ර­ස්ථා­නය අංග­ස­ම්පූර්ණ විහා­ර­ස්ථා­න­යක් ලෙස ගොඩ­නං­ව­මින් එහි ළදරු පාස­ලක් ආරම්භ කළේද ප්‍රදේ­ශ­වාසී දරු­දැ­රි­යන්ගේ මූලික අධ්‍යා­ප­නය නංවා­ලීම පෙර­දැරි කර­ගෙ­නය.

කැන­ඩාවේ ඔටා­වාහි ශ්‍රී ජය­ව­ර්ධ­නා­රාම විහා­ර­ස්ථා­නය හා ටොරොන්ටෝ බෞද්ධ මධ්‍ය­ස්ථා­නය ආරම්භ කිරී­මට මූලි­ක­ත්වය ගත් අප මහ­නා­හි­මියෝ සිය ශාස­නික සේවය විදේ­ශ­යන් තුළ ප්‍රච­ලිත කිරී­ම­ටද සමත් වූහ. දහම් ග්‍රන්ථ කිහි­ප­යක්ම රචනා කළ සුධර්ම මහ­නා­හිමි ගුව­න්වි­දුලි, රූප­වා­හිනී ධර්ම දේශ­ක­යකු ලෙසත්, පුව­ත්පත් සඟරා ආදි­යට ලිපි සම්පා­ද­ක­යකු ලෙසත් ශාන­නික උන්න­තිය වෙනු­වෙන් ඉටු කර ඇති සේවය අනු­ප­මේ­යය.

සිය නිකා­යික අභි­වෘ­ද්ධිය වෙනු­වෙන්ද ක්‍රියා කළ අති­පූජ්‍ය අම්බ­ල­න්ගොඩ සුධර්ම මහ­නා­හි­මියෝ 2010දී ශ්‍රී ලංකා අම­ර­පුර සිරි සද්ධ­ම්ම­යු­ක්තික මාතර මහා­නි­කායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක ධුර­ය­ටද, 2019දී එම නිකා­යෙහි ජ්‍යෙෂ්ඨ අනු­නා­යක ධුර­ය­ටද පත් වූහ. බුදු සසුනේ චිර­ස්ථි­තිය වෙනු­වෙන් දක්ෂ, වියත් ස්වාමීන් වහන්සේ කිහිප නමක්ම උන් වහ­න්සේගේ ගුරු දේව­ත්ව­යෙන් සසු­නට දායාද කරනු ලැබ ඇත. අල්පේ­ච්ඡ­තාව, අන­ති­මා­නය, සංව­ර­ශී­ලි­ත්වය හා ධර්ම වින­ය­ධා­රි­ත්වය ප්‍රකට කළ අම­ර­පුර සිරි සද්ධ­ම්ම­යු­ක්තික මාතර මහා නිකායේ සද්ධර්ම කීර්තිශ්‍රී සුම­න­තිස්ස සීල­ර­තන වංසා­ලං­කාර අති­පූජ්‍ය, රාජ­කීය පණ්ඩිත, ශාස්ත්‍ර­පති අම්බ­ල­න්ගොඩ සුධර්ම මහා­නා­යක මාහි­මි­යන් සිදු කර­මින් සිටින ශාස­නික, ජාතික මෙහෙ­වර තවත් චිරාත් කාල­යක් ඉටු කර­ලනු පිණිස චිර ජීව­නය සහ නීදුක් නීරෝගි භාවය ප්‍රාර්ථ­නය කරමු!

කංචන ජන­ප්‍රිය
ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය,
ඉති­හාස හා පුරා­විද්‍යා අධ්‍ය­ය­නාං­ශය,
රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT