Home » ප්ලාස්ටික් භාවි­තය අවම කිරී­මට වැඩ­ස­ට­හන් රැසක්

ප්ලාස්ටික් භාවි­තය අවම කිරී­මට වැඩ­ස­ට­හන් රැසක්

by damith
October 12, 2024 1:03 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ශ්‍රී ලංකාව තුළ පාරි­ස­රික තිර­සා­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා ප්ලාස්ටික් භාවි­තය අවම කිරීම වෙනු­වෙන් වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියා­ත්මක කිරී­මට ÒZeroPlastic Clean-Up Walk 2024Ó පිය­වර ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ZeroPlastic Clean-Up Walk 2023 සාර්ථක වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරන ලද අතර එහි සාර්ථ­ක­ත්වය මත මෙව­රත් ප්ලාස්ටික් භාවි­තය අවම කිරීම සඳහා වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇත. ඒ අනුව ZeroPlastic Clean-Up Walk 2024 මෙවර පිරි­සුදු කිරීමේ පාග­මන් සංවි­ධා­නය කර තිබෙන අතර එය එළ­ඹෙන 26 වැනිදා පැවැ­ත්වෙන බව එම වැඩ­ස­ට­හනේ ප්‍රකා­ශ­ක­යෙක් සඳ­හන් කළේය. ලෝක සංචා­රක දිනය සහ ලෝක පිරි­සුදු කිරීමේ දිනය සැම­රීම වෙනු­වෙන් මෙය දියත් කෙරෙන අතර මෙම ප්‍රය­න්තය පරි­සර සංර­ක්ෂ­ණය ආම­න්ත්‍ර­ණය කිරීම පම­ණක් නොව තිර­සර සංචා­රක ව්‍යාපා­රය සහ ශ්‍රී ලංකාවේ ස්වාභා­වික සෞන්ද­ර්යය පවත්වා ගැනීම අතර මනා සම්බ­න්ධය ද පෙන්වා­දෙයි.

මෙහිදී ZeroPlastic Clean-Up Walk 2024 සඳහා ඉලක්ක පව­තින අතර එය පිරි­සුදු කිරීමේ පාග­මන් 100කට වැඩි ගණ­නක් අයත් වෙයි. ඒ සඳහා සහ­භා­ගි­වී­මට රට පුරා ස්වේච්ඡා පුද්ග­ල­යන් 10,000කට වැඩි පිරි­සක් සූදා­න­මින් සිටින අතර විශ්ව­වි­ද්‍යාල 14ක් සමඟ එක්ව, ප්ලාස්ටික් කිලෝ­ග්‍රෑම් 100,000ක් පරි­ස­ර­යෙන් ඉවත් කිරීම සඳහා මුල­පි­රී­මම අපේක්ෂා කරයි. මෙම සාමූ­හික ප්‍රය­ත්නය පිරි­සුදු හා හරිත ශ්‍රී ලංකා­වක් සඳහා දැවැන්ත පිය­ව­රක් වන බව ද එම ප්‍රකා­ශ­ය­කයා සඳ­හන් කළේය.

මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මෙ­හිලා ZeroPlastic නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා, ව්‍යාපෘති කළ­ම­නා­ක­රු­වන් වන මලීෂ නිර්මාල්, රනුෂි රයෝද්‍යා, ව්‍යාපෘති ප්‍රධා­නීන් වන මලීෂ දිනු­රු­වන්, ලක්මි ගුණ­සේ­කර, නිර්මා­ණ­ක­ර­ණය අමා පූජනී සහ මහ­ජන සම්බ­න්ධතා ප්‍රධානී සෙව්මිණී සිතාරා මහත්ම මහ­ත්මීහු කට­යුතු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT