‘සිංහල රාවය’ නමින් හැඳින්වූ ‘ලංකා ජාතික පක්ෂයේ ‘කටයුතු අත්හිටුවීමට මැතිවරණ කොමිසම මීට පෙර ගෙන තිබූ තීරණය අත්හිටුවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට එම පක්ෂයට අවසර ලබා දුන්නේය.
ලංකා ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වන සාලික පෙරේරා මහතා ගොනුකොට තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය දෙන ලදි. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන දිලිප් නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදි.
මෙම පක්ෂයේ සභාපති අක්මීමන දයාරත්න හිමියන් සහ එහි විධායක කමිටුව අතර ඇති වූ අර්බුදයක් හේතුවෙන් පක්ෂයේ කටයුතු අත්හිටුවීමට මීට පෙර මැතිවරණ කොමිසම තීරණය කර තිබුණි. එම තීරණය නීතියට පටහැනි බවට පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. ඒ හේතුවෙන් තම පක්ෂයට ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව අහිමි වන බැවින් මෙම තීරණය බල රහිතකරන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබුණි .