Wednesday, April 23, 2025
Home » බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට එරෙ­හිව කෙහෙ­ළිය ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී
හියු­ම­න් ඉ­මි­යු­නො­ග්ලො­බියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය

බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට එරෙ­හිව කෙහෙ­ළිය ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

by damith
October 12, 2024 1:11 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ප්‍රමි­ති­යෙන් තොර හියු­ම­න්ඉ­මි­යු­නො­ග්ලො­බින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කිසිදු සාධා­රණ හේතු­වක් නොමැ­තිව පොදු දේපොළ පනත යටතේ තමන් අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරීම වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 100ක වන්දි­යක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම ඊයේ (11) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ දී ඉල්ලා අස් කර ගන්නා ලදි.

වැඩ බලන අග­වි­නි­සුරු මුර්දු ප්‍රනාන්දු මහ­ත්මිය සහ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු ගාමිණී අම­ර­සේ­කර මහ­තා­ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වනු ලැබිණි. එහිදී පෙත්ස­ම්කාර හිටපු ඇමැ­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කළේ මෙම පෙත්සම ඉල්ලා අස් කර ගැනී­මට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අව­සර ලබා දෙන ලෙස නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල එම ඉල්ලී­මට අව­සර ලබා දුන්නේය.

නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහතා මගින් ගොනු­කර ඇති මෙම පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස පොලි­ස්ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ඇතුළු පිරි­සක් නම් කරනු ලැබ සිටි­යහ. ප්‍රමි­ති­යෙන් තොර ප්‍රති­දේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­දීම සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටින ලෙස තමන්ට කැඳ­වී­මක් ලැබුණු බව පෙත්ස­ම්කාර රඹු­ක්වැල්ල මහතා කියා සිටි­යේය.

මුල්ව­රට කැඳ­වීම සිදු­කළ දිනයේ තමන්ට එහි යෑමට නොහැකි වුවද ඉකුත් පෙබ­ර­වාරි මස 02 වැනිදා එහි පෙනී සිටි බව පෙත්ස­ම්කරු සඳ­හන් කර තිබුණි. එහිදී ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනී­මෙන් පසුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් තමන්ව අත්අ­ඩං­ගු­වට ගෙන මාළි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට කට­යුතු කළ බවත් පෙත්ස­ම්කරු සඳ­හන් කර ඇත.

තමන්ව අත්අ­ඩං­ගු­වට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ගත් තීර­ණය සම්පූ­ර්ණ­යෙන්ම නීති­යට පට­හැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට තීන්දු­වක් ලබා­දෙන ලෙසත් පෙත්ස­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. එමෙන්ම පොදු දේපොළ පනත යටතේ තමන්ට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගැනීම වැළැ­ක්වීමේ අතුරු නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණී ගිරි­හා­ගම මෙණ­විය පෙනී සිටි­යාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT