පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ නුෂ්කි දිස්ත්‍රික්කයේ පිහිටි ඇෆ්ගනිස්තාන දේශසීමාව වන ඩුරන්ඩ් රේඛාව ආසන්නයේ දෙරටේ ආරක්ෂක හමුදා අතර දැඩි සටන් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රොකට් ප්‍රහාර සහ ස්වංක්‍රීය ගිනි අවි භාවිත කරමින් පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ දේශසීමා ආරක්ෂකයන් අතර එම වෙඩි හුවමාරුව සිදුවී ඇති අතර, ගැටුම්වලින් පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඩුරන්ඩ් රේඛාව අසලදී ඇෆ්ගනිස්තාන දේශසීමා ආරක්ෂකයන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දැක්වීමෙන් ඇෆ්ගනිස්තාන හමුදා සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර ඇති අතර, දේශසීමා උල්ලංඝනය කළ බවට දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන දේශසීමා ආරක්ෂක හමුදාව අතර උද්ගත වූ ගැටුම් හේතුවෙන් දෙරට අතර දේශසීමා ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති අතර, එම ගැටුම පිළිබඳ දෙරටේ බලධාරීන් මෙතෙක් සවිස්තරාත්මක තොරතුරු ලබා දී නැති බවත් වාර්තා වේ.