Home » ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ ගැටුම් ඇවි­ළෙයි

ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ ගැටුම් ඇවි­ළෙයි

by damith
October 12, 2024 1:16 am 0 comment

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ නුෂ්කි දිස්ත්‍රි­ක්කයේ පිහිටි ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව වන ඩුරන්ඩ් රේඛාව ආස­න්නයේ දෙරටේ ආර­ක්ෂක හමුදා අතර දැඩි සටන් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රොකට් ප්‍රහාර සහ ස්වංක්‍රීය ගිනි අවි භාවිත කර­මින් පාකි­ස්තා­නයේ සහ ඇෆ්ග­නි­ස්තා­නයේ දේශ­සීමා ආර­ක්ෂ­ක­යන් අතර එම වෙඩි හුව­මා­රුව සිදුවී ඇති අතර, ගැටු­ම්ව­ලින් පාකි­ස්තාන ජාති­ක­යන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩුරන්ඩ් රේඛාව අස­ලදී ඇෆ්ග­නි­ස්තාන දේශ­සීමා ආර­ක්ෂ­ක­යන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහා­ර­ව­ලට ප්‍රති­ප්‍ර­හාර දැක්වී­මෙන් ඇෆ්ග­නි­ස්තාන හමුදා සෙබ­ළුන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව පාකි­ස්තාන හමු­දාව ප්‍රකාශ කර ඇති අතර, දේශ­සීමා උල්ලං­ඝ­නය කළ බවට දෙපා­ර්ශ්ව­යම එකි­නෙ­කාට චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඇෆ්ග­නි­ස්තාන හා පාකි­ස්තාන දේශ­සීමා ආර­ක්ෂක හමු­දාව අතර උද්ගත වූ ගැටුම් හේතු­වෙන් දෙරට අතර දේශ­සීමා ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවා­හන කට­යු­තු­ව­ලට ද බල­පෑම් එල්ල වී ඇති අතර, එම ගැටුම පිළි­බඳ දෙරටේ බල­ධා­රීන් මෙතෙක් සවි­ස්ත­රා­ත්මක තොර­තුරු ලබා දී නැති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT