Monday, April 21, 2025
Home » නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී ජපා­න සංවි­ධා­න­ය­ට

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී ජපා­න සංවි­ධා­න­ය­ට

by damith
October 12, 2024 1:20 am 0 comment

න්‍යෂ්ටික අවි­ව­ලින් තොර ලෝක­යක් බිහි කිරීම සඳහා දැඩි කැප­වී­ම­කින් යුතුව කට­යුතු කරන ජපා­නයේ නිහොන් හිඩන්ක්යෝ සංවි­ධා­න­යට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1945 දී අමෙ­රි­කාව විසින් ජපා­න­යට හෙළූ න්‍යෂ්ටික බෝම්බ­ව­ලින් දිවි බේරා­ගත් දහස් සංඛ්‍යාත පිරි­සක් නියෝ­ජ­නය කරන එම ජාතික තලයේ සංවි­ධා­නය න්‍යෂ්ටික අවි­ආ­යු­ව­ලින් තොර ලෝක­යක් බිහි කිරීම සඳහා ගන්නා උත්සා­හය වෙනු­වෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරි­න­මන බව නොබෙල් ත්‍යාග පිරි­නැ­මීමේ නිල සංවි­ධා­නය වන ස්වීඩ­නයේ රාජ­කීය විද්‍යා­ය­ත­නය ඊයේ නිවේ­ද­නය කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

නොබෙල් සාම ත්‍යාගය නිහොන් හිඩන්ක්යෝ සංවි­ධා­න­යට හිමි­වීම ජපා­නයේ නව අග­මැති ෂිගේරු ඉෂි­බාගේ ද පැස­සු­මට ලක්වී ඇති අතර, එය අති­ශ­යින්ම අර්ථා­න්විත තෝරා ගැනී­මක් බව අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT