Home » Treinetic සමාගම සමඟ මධ්‍යම පරිසර අධිකාරිය එක්වී වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් සකසයි

Treinetic සමාගම සමඟ මධ්‍යම පරිසර අධිකාරිය එක්වී වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් සකසයි

by damith
October 12, 2024 1:14 am 0 comment

මෙරට ප්‍රමුඛපෙළේ මෘදුකාංග සමාගමක් වන“Treinetic”පෞද්ගලික සමාගම වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්වෙයි. තත්කාලීන දත්ත සහ තොරතුරු සැපයීමෙන් වායු දූෂණය අවම කිරීම අරමුණ වන මෙම හවුල්කාරීත්වය, තිරසරභාවය වර්ධනය කිරීමටත්, රට පුරා මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමටත් හේතුවනු ඇත. වාහන, කර්මාන්ත සහ කෘෂිකාර්මික අවශ්‍යතා අරමුණු කරගත් ගිනිතැබීම් ආදිය නිසා වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින ඉන්දියාවේ දිල්ලි වැනි නගරවලට සාපේක්ෂව ශ්‍රීලංකාවේ වායු ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත්, වාහන සහ කාර්මික කටයුතු ආදිය නිසා කොළඹ, මහනුවර වැනි නගරවල වායු දූෂණය සැලකියයුතු මට්ටමකින් ඉහළ යමින් ඇත. කාබන් මොනොක්සයිඩ් (CO), නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වැනි සංඝටක නිර්මාණයවීම ඉහළයාම සහ සෘතු හා කාලගුණික වෙනස්වීම් ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙවැනි තත්ත්වයක් තුළ වායු තත්ත්ව අධීක්ෂණයට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම රට තුළ ඇති ප්‍රබල අභියෝගයකි.

ඉහත ගැටලුවලට පිළියමක් ලෙස “Treinetic” සමාගම මෙම නව්‍ය වායු තත්ත්ව අධීක්ෂණ පද්ධතිය නිර්මාණය කරමින් පවතියි. වායු දූෂණය පිටුදැකීමට, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ශ්‍රීලංකාව තුළ තිරසර සංවර්ධනය ඇති කිරීමට උපකාරවන තත්කාලීන දත්ත සහ තොරතුරු එමඟින් ගතහැකිය. ඉදිරියේදී ජලයේ ගුණාත්මක බව සහ කසළ කළමනාකරණය වැනි අනෙකුත් පරිසර සාධක ද අදාළ කරගතහැකි ලෙස මෙම පද්ධතිය පුළුල් කිරීමට “Treinetic” සමාගම අපේක්ෂා කරයි. “අපගේ මෙන්ම පරිසරයේ සෞඛ්‍යවත් බව තීරණය වන ප්‍රධානම සාධකයක් වන්නේ වායු ගුණාත්මකභාවය බව අප දන්නවා. නිවැරැදි තොරතුරු තුළින් වායු දූෂණය පිටුදැකීමටත්, ශ්‍රීලංකාවේ අනාගතය සුරක්ෂිත කිරීමටත් හැකියාව ලැබෙනවා.” “Treinetic” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ඉමාල් පෙරේරා මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT