Home » HNB FINANCE නවතම රන් ණය මධ්‍යස්ථානය ඇඹිලිපිටියේදී විවෘත වෙයි

HNB FINANCE නවතම රන් ණය මධ්‍යස්ථානය ඇඹිලිපිටියේදී විවෘත වෙයි

by damith
October 12, 2024 1:16 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථානය පසුගියදා නොම්මර 59, රත්නවීර ගොඩනැගිල්ල, ප්‍රධාන වීදිය, ඇඹිලිපිටිය යන ලිපිනයෙහි පිහිටා ඇති HNB FINANCE ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රයේදී විවෘත වූ අතර රන් ණය සේවාවට අමතරව සමාගම මඟින් ලබාදෙන ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් ඇඹිලිපිටිය ශාඛාව තුළින් ද ලබාගත හැකි වනු ඇත. රන් ණය සඳහා ඇඹිලිපිටිය සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan සහ VIPGold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. රන් පවුමක් සඳහා වැඩිම අත්තිකාරම් මුදලක් අවම පොලියක් යටතේ ඉතා කෙටි කලකදී ලබා ගැනීමට HNB FINANCE Gold Loan සේවාව මඟින් ඉඩකඩ සැලසෙන අතර, අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනීමේ හැකියාව සහිත විශ්වාසවන්ත, ආරක්ෂාකාරී ගනුදෙනුවක් අපේක්ෂා කරන පාරිභෝගිකයන් සඳහා මෙම නව රන් ණය සේවා ඒකකය කදිම විසඳුමක් වනු ඇත.

HNB FINANCE ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් සහභාගි වූහ.

“HNB FINANCE ඇඹිලිපිටිය රන් ණය මධ්‍යස්ථානය මගින් ලබාදෙන රන් ණය සේවා ඇතුළුව පොදුවේ HNB FINANCE සමාගම මගින් ලබාදෙනු ලබන සියලුම මූල්‍ය පහසුකම් සමඟ වඩාත් ප්‍රශස්ත මූල්‍ය සේවා අත්දැකීමක් ලබා ගැනීමට ඇඹිලිපිටිය සහ ඒ අවට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ” යනුවෙන් HNB FINANCE හි රන් ණය අංශ ප්‍රධානි ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT